ආදරයේ අතීතය

ඔයා දන්නවද...
ඔයාව මට හම්බෙද්දි
ඔයා හිටියේ මොකුත් දන්නෙ නැතුව...
ජීවිතේ ගැන කිසිම අරමුණක් නැතුව
ඔහේ බලාගෙන ඉඳපු ඔයාගෙ
ඇස් වලට එබිලා...
ඒ ඇස් අස්සට රිංග ගත්ත මම
මගෙ හුස්ම තරම් ඔයාගෙ ඇස්
පරිස්සම් කරා...
එදා ඉඳන් මම
ඔයාගෙ ඇස් වලට
ඔයාගෙ මුළු ආත්මෙටම
මහ මෙරක් තරම් ආදරේ කරා...
මහ මෙරක් තරම් පරිස්සම් කරා...
ඔයාගෙ හැගීම් මොනවද කියලා
හෙමීට හෙමීට තේරුම් ගත්ත මම
ඔයාට දුන්නේ කවදාවත්
කවුරුවත් නොදෙන ආදරයක්...
මොන ප්‍රශ්ණයක් ආවත්
ඔයා එක්ක හැමදාමත්
සතුටින් ඉන්නයි මට ඕන...
ඔයා ලග ඉඳන්
මම ඔයාට හොඳ නරක කියලා දෙන්නම්
හැමදාම ඔයාව පරිස්සම් කරන්නම්...
හැමදාමත් මම කියන දේ අහගෙන
මගෙ ලඟට වෙලා ඉන්නවා නේද...
මොකද මම කවදාවත්
මගෙ රත්තරන් මැනිකට

වරදක් වෙන දෙයක් කරන්නේ නෑ

Comments

Popular Posts