කළලයක් සේ  කුසට විත්
ඔබේ ලේ අහරින් පෝශණය වී
හැදී වැඩුනි ඔබේ කුස තුල
දරුවෙකු ලෙස අම්මේ මා.....

කුසට ආ දා පටන්
දස මසක් ගතවන තුරා
මා කුස තුල හොවාන
ඔබ ඉහිලූ බරට
කෙසේ නම් නය ගෙවන්නද මා......

දසමසක් ගත වූ පසු
කුසේ බර නිදහස් කරමින් 
මා මෙලොව එලිය දුටු දින
අප ශරීරයේ බැදීම
පෙකනි වැලෙන් වෙන් කෙරුවත්
කෙසේ වෙන් කල හැකිද අම්මේ
පෙර පතා ආ ආත්මීය බැදීම......

ඉපදුනු දා සිටන් අද වනතුරු
මා හඩනා විට
සිනාසුනානම් අම්මේ නුබ 
එක් වරක්
ඒ...
මා ඉපදුනු මොහොතේදීය

ඔබේ තුරුලෙන් හදුනා ගත් උනුහුම
ඔබේ ලෙයින් හදුනා ගත් ආදරය
ඔබේ කදුලින් හදුනා ගත් දුක සතුට
විදින්නෙමි අම්මේ සදහට
ඔබ ගැස්ම දුන් මේ හදවතේ
ගැස්ම නවතින තුරා
ඔබේ තුරුලේම......

සදහටම........

Comments

Popular Posts